බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු කඩුලු රකින පිතිකරුවෙකු වන දෙනේෂ් රම්දින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, 37 හැවිරිදි ඔහු තවදුරටත් 20යි 20 ලීග් තරග සදහා ක්‍රීඩා කිරීමයි තීරණය කර ඇත්තේ.
ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී ටෙස්ට් තරග 74කට, එක්දින තරග 139කට හා 20යි 20 තරග 71 කට ක්‍රීඩා කර තිබුණා.
ටෙස්ට් ශතක 4ක් හා එක්දින ශතක 2ක් එහිදී වාර්තා කර ඇති රම්දින්, අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.
2012 හා 2016 වසරවලදී පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ජය ගත් කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.

