බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය මෙරට වේලාවෙන් අද(17) අලුයම නිමා වීමෙන් අනතුරුවයි ඔහු ඒ බව නිවේදනය කළේ.
තරග 3කින් යුත් එම එක්දින තරගාවලියෙන් බංග්ලාදේශය තරග 3-0ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
අනතුරුව 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දීමට තමා ගත් තීරණය බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා වන ටමිම් ඉක්බාල් විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් නිවේදනය කළා.
“කරුණාකර මා අද සිට 20 යි 20 ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගිය අයෙකු ලෙස සලකන්න. ඔබ සැමට ස්තූතියි,” යනුවෙන් ටමිම් සදහන් කර සිටියා.
33 හැවිරිදි ටමිම් ඉක්බාල් පසුගිය ජනවාරි 27 වැනිදා ජාත්‍යන්තර 20යි 20 පිටියෙන් මාස 6ක කාලයක් විවේක ගැනීමට ද තීරණය කළා.
ඔහු බංග්ලාදේශය වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර තරග 78 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 1,758 ක් රැස් කිරීමට ටමිම් ඉක්බාල් සමත් වුණා.
එක් ශතකයක් හා අර්ධ ශතක 7 ක් ඔහුගේ ජාත්‍යන්තර 20යි 20 දිවියට ඇතුළත්.
ඔහු අවසන් වරට 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2020 වසරේ මාර්තු මාසයේ දී යි.

