ටයිජුල්ගේ කඩුලු 5 බංග්ලාදේශයට පූර්ණ තරගාවලි ජයක් හිමි කර දෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලියෙන් තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මෙරට වේලාවෙන් අද(17) අලුයම සමත් වුණා.

ගයානා හි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන්ට මෙම තරගයේ දී ද පිතිකරණයේ දී දක්ෂතා අතරට පිවිසීමට හැකි වූයේ නැහැ.

ඔවුන් පන්දුවාර 48.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 178 ක් පමණයි.

නායක නිකලස් පූරාන් පන්දු 109කින් ලකුණු 73 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 4ක් සමගින්.

Keacy Carty ලකුණු 33ක් ද, රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 19ක් ද, රොව්මන් පවෙල් ලකුණු 18 ක් ද රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් ලකුණු 28කට කඩුලු 5ක් දවා ගත්තා. නසුම් අහ්මඩ් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 48.3 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ලිටොන් දාස් ලකුණු 50 ක් ලබා ගත් අතර, නායක ටමිම් ඉක්බාල් ලකුණු 34කට දැවී ගියා. නුරුල් හසාන් නොදැවී ලකුණු 32යි. මහ්මුදුල්ලාහ් ලකුණු 26ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Gudakesh Motie ලකුණු 23කට කඩුලු 4ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...