ICC FTP : 2023-27 කාලයට අයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් තරග කාලසටහන මෙන්න

Date:

2023 වසරේ සිට 2027 වසර දක්වා කාලයට අයත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන (Future Tours Programme) (FTP) සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියර වෙත ළගා වෙමින් පවතිනවා.

එළඹෙන 25 හා 26 යන දිනවලදී එංගලන්තයේ බර්මිංහැම් හී දී පැවැත්වීමට නියමිත ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වාර්ෂික රැස්වීමේ දී තරග කාලසටහන සකස් කර අවසන් වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට මාස දෙකහමාරක පමණ කාලයක ඉඩක් ලැබෙන පරිදි මෙම ජාත්‍යන්තර තරග කාලසටහන සකස් වී තිබීම ද විශේෂත්වයක්.

2019 වසරේ සිට 2023 වසර දක්වා වූ කාලයේ දී පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලිය 2023 වසරේ සිට 2027 වසර දක්වා ද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මේ වන විට සකස්ව ඇති ජාත්‍යන්තර තරග කාලසටහනට අනුව 2023-25 හා 2025-27 කාලවලට අදාළ ලෝක ටෙස්ට් ශූරතාවලි අදියර දෙකේ දී ඒ ඒ කණ්ඩායම් තරග වදින ආකාරය සම්බන්ධයෙන් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඊට අනුව 2023-25 අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය සමගින් තරග කිරීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් 2023-25 අදියරේ දී එංගලන්තය, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය යන රටවල ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාරවල නිරත වනු ඇති.

මේ අතර, 2025-27 අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම්වලට එරෙහිවයි.

ඊට අමතරව ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් 2025-27 අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තානය යන රටවල සංචාරවල ද නිරත වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, 2026 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාව, පාකිස්තානය හා තවත් එක් රටක සහභාගීත්වයෙන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

එම තරගාවලිය පාකිස්තානයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...