පාකිස්තානය ලකුණු 198 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්.

අසාර් අලී නොදැවී ලකුණු 3 ක් හා බබාර් අසාම් නොදැවී එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉමාම් උල් හක් ලකුණු දෙකකට දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

අනතුරුව අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 13කට දැවී ගියා. ඒ, ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 222 ක් පමණයි.

වැඩිම ලකුණු ලාභියා වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකත්වය දැක් වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 76ක් ලබා ගත්තා. පන්දු 115 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 10ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගියේ ශහීන් ශාහ් අෆ්රිඩිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. ඕෂද ප්‍රනාන්දු ලකුණු 35කට දවා ගැනීමට හසන් අලී සමත් වූ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 21 කට දවා ගත්තේ යසීර් ශාහ් විසින්. ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම ඉනිමේ දී ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ධනංජය ද සිල්වා ලකුණු 14කට දැවී ගියේ ද ශහීන් ශාහ් අෆ්රිඩිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. අනතුරුව අෆ්රිඩිගේ පන්දුවක් හමුවේම නිරෝෂන් දික්වැල්ල ලකුණු 4කට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 11කටත්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 3කටත් දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණේ තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගනිමින්.

මහීෂ් තීක්ෂණ ලකුණු 38 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පසුපෙලට යම් ශක්තියක් ලබා දුන්නා. කසුන් රාජිත නොදැවී ලකුණු 12 යි. ඔවුන් දෙදෙනා අතර අවසන් කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 45 ක්. තීක්ෂණ හා චන්දිමාල් අතර 9 වැනි කඩුල්ල සදහා ද ලකුණු 44ක සබදතාවක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 58 කට කඩුලු 4ක් දවා ගත් අතර, යසීර් ශාහ් හා හසන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා. නසීම් ශාහ් හා මොහොමඩ් නවාස් අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 198 ක්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...