කඩුලු 9 ක ජයක් සමගින් තරගාවලියේ ජයත් බංග්ලාදේශයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

Guyana හි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන්ට පන්දුවාර 35 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

කීමෝ පෝල් නොදැවී ලකුණු 25ක් රැස් කළ අතර, ෂේයි හෝප් ලකුණු 18ක් හා ක්යල් මේයර්ස් ලකුණු 17ක් රැස් කළා.

පන්දු යැවීමේ මෙහිදි හසාන් මිරාස් ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගත්තා. නසුම් අහ්මඩ් 19 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 20.4ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(112/1)

නායක ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 50යි. පන්දු 62 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්.

නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 20ක් ලබා ගත් අතර, ලිටොන් දාස් නොදැවී ලකුණු 32 (27) ක් වාර්තා කිරීමට සමත් වුණා. දාස්ගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...