චන්දිමාල් 150 පසු කරයි ; ශ්‍රී ලංකාව ලකුණු 135 ක් ඉදිරියෙන්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි (11).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 499 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 153 ක් ලබා සිටිනවා. ප්‍රභාත් ජයසූරිය තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 431 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 29 කට දැවී ගියා. ඒ, මිචෙල් ස්ටක්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

අනතුරුව මහීෂ් තීක්ෂණ ලකුණු 10 කට දැවී ගියේ පැට් කමින්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 85 ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 61 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 52 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3ක් දවා ගත් අතර, නේදන් ලයන් හා මිචෙල් ස්වෙප්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා. පැට් කමින්ස් එක් කඩුල්ලක් දවා ගත්තා.

ගාල්ලේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 364ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...