පැතුම්ටත් කොරෝනා ; දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඊයේ (10) පෙරවරුවේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී මේ බව පළමුව අනාවරණය වී තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු අසනීප තත්ත්වයකින් පසු වීම මත එම පරීක්ෂණය සිදු කර තිබුණා.

අනතුරුව පැතුම් නිස්සංක PCR පරීක්ෂණයකට ද මුහුණ දී තිබූ අතර, එහිදී ද ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව පැතුම් නිස්සංකව වෙනත් හෝටලයකට මාරු කර හුදෙකලා කර තැබීමට ද මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාට එරෙහිව මේ වන විට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු ටෙස්ට් තරගය අතරතුර දී ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැනුණු අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර අසිත ප්‍රනාන්දු, ධනංජය  ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ හා ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින්ට ද කොවිඩ් 19 ආසාදනය වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...