බංග්ලාදේශය 20යි 20 තරගාවලියම පරදියි

Date:

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(8) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් කොදෙව්වන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.

Guyana හි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

අෆිෆ් හොසේන් ලකුණු 50(38)ක් රැස් කළ අතර, ලිටොන් දාස් ලකුණු 49(41)යි.

පන්දු යැවීමේ දී හෙයිඩ්න් වොල්ෂ් කඩුලු 2ක් දවා ගත් අතර, ඔඩියන් ස්මිත් හා රොමාරියෝ ෂෙපර්ඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 10ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, කඩුලු 5ක් දැවී සිටියදීයි.

ක්යල් මේයර්ස් පන්දු 38කින් ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුණා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක නිකලස් පූරාන් පන්දු 39කින් වේගවත් ලකුණු 74ක් වාර්තා කළා. හයේ පහර හා හතරේ පහර 5 බැගින් ඔහුගේ ඉනිමට අන්තර්ගත වුණා.

පන්දු යැවීමේ දී නසුම් අහ්මඩ් කඩුලු 2ක් බිද හෙලූ අතර, මහෙදි හසාන්, ශකිබ් අල් හසාන් හා අෆිෆ් හොසේන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, අවසන් 20යි 20 තරග දෙකම ජය ගත් කොදෙව්වන්ට තරගාවලියේ ජය හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...