CPL යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන තවත් ඉහළට

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 3ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද එම තරගාවලියට මෙවර ක්‍රීඩා කිරීමට එකගතාවය පල කිරීමත් සමගයි.

ඔහු ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහුට අමතරව දකුණු අප්‍රිකාවේ ඩිවෝල්ඩ් බ්‍රේවිස් හා ඩ්වේයන් ප්‍රෙටෝරියස්, ඇෆ්ඝනිස්තානයේ Izharulhaq Naveed, පාකිස්තානයේ Qasim Akram යන ක්‍රීඩකයින් ද නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

මීට පෙර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග මෙවර තරග වාරය වෙනුවෙන් ගිවිසුම්ගත වුණා.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...