ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනසක්

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සදහා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කැදවා තිබෙනවා.

ඔහු අද දිනයේ දී සංචිතය සමග එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 8 වැනිදා ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේ දී ද පියවර ගත්තා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමට කටයුතු කළ අතර, මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීමටයි පියවර ගැණුනේ.

ඔවුන් පසුගිය 4 වැනිදා ටෙස්ට් සංචිතය සමග එක්ව ඇති බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පසුගියදා හදුනා ගැනුණු අතර, ඒ හේතුවෙන් ඔහුට  දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 ආසාදනය වූ ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...