ගෝල් ග්ලැඩියේටර්ස් රදවා ගත් හා ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

Date:

අද පැවැත්වීමට නියමිත මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර ක්‍රීඩකයින් රැසක් සිය කණ්ඩායමේ රදවා ගැනීමට හා සෘජුවම ගිවිසුම්ගත වීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු (විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු) ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබූ අතර, කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද පවතිනවා.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සෘජුව ගිවිසුම්ගත වූ හා සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්. ඊට විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත්.

එම ක්‍රීඩකයින් වන්නේ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, සර්ෆරාස් අහ්මඩ්, ඉමාඩ් වසීම්, ෆහීම් අශ්රෆ්, ලක්ෂාන් සදකැන්, නුවන් තුෂාර හා පුලින තරංගයි.

කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරු 5 සිට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...