චන්ද්‍රපෝල්ට ප්‍රධාන පුහුණුකරු තනතුරක්

Date:

අමෙරිකා එක්සත් ජනපදයේ කාන්තා හා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශිව්නරින් චන්ද්‍රපෝල් පත් කර තිබෙනවා.

47 හැවිරිදි ඔහු මේ වන විට කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන ජැමයිකා තලවාස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

එමෙන්ම මෑතකදී කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද ඔහු කටයුතු කළා.

අමෙරිකානු වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද(3) දිනයේ දී කොදෙව් තරග සංචාරයක් ආරම්භ කිරීමට නියමිත අතර, චන්ද්‍රපෝල්ගේ පළමු වගකීම බවට එය පත් වනු ඇති.

වසර 20කට අධික කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටි ශිව්නරින් චන්ද්‍රපෝල් කොදෙව්වන් වෙනුවෙන් ජාත්‍යන්තර තරග 454 ක් ක්‍රීඩා කළා.

එහිදී ලකුණු 20,988 රැස් කිරීමට ඔහු සමත් වූ අතර, ඊට ශතක 41 ක් හා අර්ධ ශතක 125 ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...