Watch : කෝලි හා බෙයාර්ස්ටව් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 25ක් ලබා සිටි නායක බෙන් ස්ටොක්ස්.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටව් පන්දු 140කින් ලකුණු 106ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 14ක් ඇතුළත්.

ඔහුගේ ඉනිම අතරතුර දී ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි හා බෙයාර්ස්ටව් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වනු දක්නට ලැබුණා.

මේ වන විටත් ඊට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා හුවමාරු වෙමින් ඇති බවක් දක්නට ලැබෙනවා.

මෙම තරගය එංගලන්තයේ බර්මිංහැම් හී දී පැවැත්වෙන අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 416ක්.

පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 284ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...