පළමු 20යි 20 ප්‍රතිපලයකින් තොර වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අද(3) අලුයම නිමා වුණා.

Dominica හි පැවැති තරගය වර්ෂාව හේතුවෙන් නියමිත කාලයට ආරම්භ කිරීමට ද හැකි වූයේ නැහැ.

ඒ හේතුවෙන් එක් ඉනිමක් පළමුව පන්දුවාර 16කට සීමා කෙරුණු අතර, තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ඉනිමේ පන්දුවාර 7.4ක් අවසානයේ දී ද තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් තරගය පන්දුවාර 14කට සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

නමුත්, බංග්ලාදේශ ඉනිමේ පන්දුවාර 13ක් අවසානයේ දී තරගය යළි නතර කිරීමට සිදූ වූයේ වර්ෂාවෙන් තරගයට යළිත් බාධා එල්ල වීම හේතුවෙන්.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වීම මත තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් කෙරුණා.

බංග්ලාදේශය පන්දුවාර 13කදී කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 105ක්. ශකිබ් අල් හසාන් ලකුණු 29ක් හා නුරුල් හසාන් ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 3ක් බිද හෙලූ අතර, හෙයිඩ්න් වොල්ෂ් කඩුලු 2ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20යි 20 තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...