සැන්ට්නර්ට කොරෝනා ; අයර්ලන්ත ගමනත් කල් යයි

Date:

නවසීලන්ත දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව අද(3) දිනයේ දී නවසීලන්ත කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමග ඔහුට අයර්ලන්ත තරග සංචාරය සදහා පිටත්ව යාමට නොහැකි වූ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සැන්ට්නර් සුවය ලැබීමෙන් පසුව මෙම සතියේ අග භාගයේ දී අයර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව අයර්ලන්තය සමග ජූලි 10 වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඔහු නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියෙන් පසුව නවසීලන්ත කණ්ඩායම අයර්ලන්තයට, ස්කොට්ලන්තයට හා නෙදර්ලන්තයට එරෙහිව 20යි 20 තරගාවලි 3ක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම 20යි 20 තරගාවලියන් හී දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත්තේ මිචෙල් සැන්ට්නර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...