ඒගාර්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

Date:

ආබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුට මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලැබීමට නොහැකි වී ඇති බැවින්.

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය අතරතුර දී යි ඒගාර් මෙලෙස ආබාධයකට ගොදුරු වුණේ.

ඒ අනුව ඇෂ්ටන් ඒගාර් වෙනුවට ජෝන් හෝලන්ඩ් සංචිතයට ආදේශ කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

හෝල්න්ඩ් ද මේ වන විට ආබාධයකට ලක්ව සිටින පසුබිමකයි ඔහුව සංචිතයට නම් කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...