කොදෙව් 20යි 20 සංචිතයට වෙනස්කම් රැසක් ; නව උප නායකයෙකුත් පත් කෙරේ

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඔබෙඩ් මැකෝයි කැදවා තිබෙනවා.

ශමා බෘක්ස්, අල්සාරි ජෝසප්, කීමෝ පෝල් හා ඩෙවෝන් තෝමස් යන ක්‍රීඩකයින් ද 20යි 20 සංචිතයට නම් කිරීමටයි කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ෆේබියන් ඇලන්, රොස්ටන් චේස් හා ශෙල්ඩන් කොට්‍රෙල් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වී ඇති බව සදහන්.

රොව්මන් පවෙල් 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස ද පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, කොදෙව් එක්දින සංචිතය සදහා Gudakesh Motie නම් කර තිබෙනවා.

ජේසන් හෝල්ඩර් සීමිත පන්දුවාර තරගවලින් ද විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස කොදෙව්වන් ජය ගත් අතර, සීමිත පන්දුවාර තරග ජූලි දෙවැනිදා ආරම්භ වීමට නියමිතයි.

සීමිත පන්දුවාර තරග යටතේ දෙරට අතර එක්දින හා 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

T20I Squad:

Nicholas Pooran (C), Rovman Powell (VC), Shamarh Brooks, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Obed McCoy, Keemo Paul, Romario Shepherd, Odean Smith, Devon Thomas, Hayden Walsh Jr. Reserve: Dominic Drakes

ODI Squad:

Nicholas Pooran (C), Shai Hope (VC), Shamarh Brooks, Keacy Carty, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Gudakesh Motie, Keemo Paul, Anderson Phillip, Rovman Powell, Jayden Seales.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...