Update : පළමු දිනයේ දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකාවේ කඩුලු 2ක් දැවී යයි

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 68ක් ලබා සිටියා.

ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 38කට සීමා වුණා. ඒ, පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී යාමත් සමගයි.

පැට් කමින්ස් යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලේක්ස් කෙරී අතට උඩ පන්දුවක් ලබා දීමෙන් පැතුම් දැවී ගියා.

කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 3ක් පමණයි. ඔහු දැවී ගියේ මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවකට කඩුලු රකින ඇලේක්ස් කෙරී අතටම උඩ පන්දුවක් ලබා දීමෙන්.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 25ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 15ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගය සදහා ආබාධයකට ලක්ව සිටි ට්‍රැවිස් හෙඩ් ක්‍රීඩා කරන අතර, ඒ අනුව ග්ලේන් මැක්ස්වෙල්ට 2017 වසරෙන් පසුව පළමු වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අද දිනයේ දී ද අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...