ඉන්දියාව පරදා පෙරළිකාර ජයක් ලැබීමේ අනගි අවස්ථාවක් අයර්ලන්තයට ලකුණු 4කින් ගිලිහෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 4ක තියුණු පරාජයක් අත්විදීමට අයර්ලන්ත කණ්ඩායමට මෙරට වේලාවෙන් අද(29) අලුයම සිදු වුණා.

එම පරාජයත් සමග තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.

Dublin හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 225ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණයක් කළේ තරගයේ ජය පහසුවෙන්ම තමන් සතු කර ගැනීමේ අපේක්ෂාවෙන්.

ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් ලකුණු 3කට දැවී ගියා. කෙසේ වෙතත්, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පන්දු 87කින් ලකුණු 176ක අගනා සබදතාවයක් පිහිටුවීමට සංජු සැම්සන් හා දීපක් හූදා සමත් වුණා.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කළ හූදා පන්දු 57කින් ලකුණු 104ක් ලබා ගත්තා. හයේ පහර 6කින් හා හතරේ පහර 9කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

සැම්සන් පන්දු 42කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 77ක්. හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සූර්යකුමාර් යාදව් ලකුණු 15ක් ද, නායක හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 13ක් ද ලබා ගත්තා.

කෙසේ වෙතත්, දිනේෂ් කාර්තික්, අක්සාර් පටෙල් හා හර්ෂාල් පටෙල් යන ක්‍රීඩකයින් ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවලින්ම ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී Mark Adair කඩුලු 3ක් දවා ගත් අතර, Josh Little හා Craig Young අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 72 ක වේගවත් සබදතාවයක් පන්දුවාර 5.4ක් තුළ ගොඩ නැගීමට Paul Stirling හා නායක Andy Balbirnie සමත් වුණා.

Stirling ලකුණු 40(18)කටත්, Balbirnie ලකුණු 60(37)කටත් දැවී ගියා. Harry Tector ලකුණු 39යි. George Dockrell නොදැවී ලකුණු 34(16)ක් හා Mark Adair නොදැවී ලකුණු 23(12)ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට පෙරළිකාර විශිෂ්ඨ ජයක් අත්කර දීම වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා අයර්ලන්තයට ලකුණු 17ක් අවශ්‍ය වූ නමුත්, ඔවුන්ට උම්රාන් මලික් යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, හර්ෂාල් පටෙල්, රවී බිෂ්නෝයි හා උම්රාන් මලික් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...