පළමු ටෙස්ට් තරගයට 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ; වැන්ඩර්සේට ටෙස්ට් වරම් හිමි වන ලකුණු

Date:

ඔස්ට්‍රේලියාව සමග හෙට(29) ගාල්ලේ දී ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා දග පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදා ගැනීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

අද ගාලු ක්‍රීඩාංගනයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ මේ වන විට ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයක් නම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, අවසන් 11 දෙනා මෙතෙක් තීරණය කර නොමැති බවත්, හෙට පෙරවරුවේ දී ක්‍රීඩා කරන කණ්ඩායම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත් දිමුත් කියා සිටියා.

දග පන්දු යවන්නන් තිදෙනෙකු හා වේග පන්දු යවන්නන් දෙදෙනෙකු 12 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් බවයි ඔහු සදහන් කළේ.

ඒ අනුව හෙට තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනෙකු හා එක් වේග පන්දු යවන්නෙකු සමගින් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

මේ අතර, පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද හෙට තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

හෙට තරගය සදහා ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –

පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...