චමරි අතපත්තු T 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් අද(28) නිවේදනය කළා.

ඊයේ(27) නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා 20යි 20 තරගාවලියේ දී ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා අනුව නවතම ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන කිහිපයක වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිතිකාරිණියන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රේණිගත ලකුණු 664ක් හිමි කර ගනිමින්.

ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී ඇය ලකුණු 139ක් වාර්තා කිරීමට සමත් වුණා.

තෙවැනි 20යි 20 තරගයේ දී චමරි නොදැවී ලකුණු 80ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක් ද හිමි කර දීමට සමත් වුණා.

කෙසේ වෙතත්, මෙම තරගාවලියේ දී පිත්තෙන් සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වූ ඉන්දියාවේ Shafali Verma 5 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පහතට ඇද වැටී තිබෙනවා.

මේ අතර, 20යි 20 කාන්තා තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර ද 7 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට චමරි අතපත්තු සමත්ව තිබීම විශේෂත්වයක්.

ඇයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 279ක්.

මේ අතර, පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ඕෂදී රණසිංහ සම 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කඩුලු 6ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය වූ ඉනෝකා රණවීර ස්ථාන 16කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්. ඇයට මේ වන විට හිමිව ඇත්තේ 47 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...