ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරගාවලි දෙකක් ඊයේ(27) නිමා වුණා.

ඒ, එංගලන්ත – නවසීලන්ත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය හා බටහිර ඉන්දීය කොදෙව් – බංග්ලාදේශ තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියයි.

මෙම තරගාවලි දෙකම නිමා වුණේ සත්කාරක රටවල් දෙකටම පූර්ණ තරගාවලි ජයක් හිමි කර දෙමින්.

ඒ අනුව එංගලන්තයට තරග 3-0ක ජයක් ද, කොදෙව්වන්ට තරග 2-0ක ජයක් ද හිමි වුණා.

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ද එහි පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ඔවුන්ට 75% ක ලකුණු ප්‍රතිශතයක් හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවට 71.43% ක ලකුණු ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව පිළිවෙලින් තෙවැනි හා සිව්වැනි ස්ථානවල රැදී සිටිනවා. ඒ, පිළිවෙලින් 58.33% හා 55.56% ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

නවසීලන්තයට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් ලැබූ එංගලන්තය මේ වන විට 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා. නවසීලන්තයට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

කොදෙව්වන් 6 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය අවසන් (9) ස්ථානයේත් පසුවනවා.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර හෙට ගාල්ලේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියක්.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...