ඉනිමක පරාජයෙන් යන්තමින් ගැලවුණු බංග්ලාදේශයට කඩුලු 10ක දරුණු පරාජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කොදෙව්වන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමින්.

තරගයේ සිව්වැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ(27) රාත්‍රියේ ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා. ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

නුරුල් හසාන් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා. නජ්මුල් හොසේන් ලකුණු 42කට දැවී ගිය අතර, ලිටොන් දාස් ලකුණු 19යි. නායක ශකිබ් අල් හසාන් ලකුණු 16කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කෙමා රෝච්, අල්සාරි ජෝසප් හා ජෙයිඩ්න් සීල්ස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අනතුරුව තරගය ජය ගැනීම සදහා ලකුණු 13ක ඉලක්කයක් කොදෙව්වන්ට හිමි වූ අතර, ඔවුන් එය කිසිදු කඩුල්ලක් නොදැවී සපුරා ගත්තේ පන්දුවාර 2.5 ක් තුළදීයි.

ශාන්ත ලුසියා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 234ක්. ලිටොන් දාස් ලකුණු 53ක් හා ටමිම් ඉක්බාල් ලකුණු 46ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජෙයිඩන් සීල්ස් හා අල්සාරි ජෝසප් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 408ක්. ඒ, ක්යල් මේයර්ස් රැස් කළ ලකුණු 146 න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේ දී කලෙඩ් අහ්මඩ් කඩුලු 5ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...