පළමු ටෙස්ට් තරගයට ස්මිත්, ස්ටක් හා ඒගාර්ට ක්‍රීඩා කළ හැකි ද? ආබාධවල අලුත්ම තත්ත්වය මෙන්න

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමා මේ වන විට සූදානමින් පසුවන බව ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් පවසනවා.

නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ආබාධයකට ලක් වීම හේතුවෙනුයි පළමු ටෙස්ට් තරගය සදහා ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව පැවතුණේ.

ආබාධය නිසා ඔහුට ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් එක්දින තරග තුනම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

මේ අතර, දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයේ දී වම් අතේ ඇගිල්ලක ආබාධයකට ලක් වූ මිචෙල් ස්ටක්ට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

ඔහු මෙතෙක් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බව සදහන්.

එක්දින තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් තවදුරටත් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය සමග රැදී සිටිනවා.

ඔහුට දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...