කොදෙව් කාන්තා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස Hayley Matthews පත් කර තිබෙනවා.

මෙතෙක් කොදෙව් කාන්තා කණ්ඩායමේ නායකත්වය දැරූ Stafanie Taylor වෙනුවටයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

කාන්තා තේරීම් කමිටුව විසින් මෙම නව පත් කිරීම සදහා නිර්දේශ කර ඇති අතර, ඊට කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

කොදෙව් කණ්ඩායම 2016 වසරේ පැවැති කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගනු ලැබුවේ Stafanie Taylor ගේ නායකත්වය යටතේයි.

එමෙන්ම ඇයගේ නායකත්වය යටතේ කොදෙව් කාන්තා කණ්ඩායම මෙම වසරේ පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...