කොරෝනා ආසාදනය වූ බෙන් ෆෝක්ස් ටෙස්ට් තරගය අතරතුර දී තරගයෙන් ඉවතට

Date:

එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට මේ දිනවල ලීඩ්ස් හී දී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දින දෙක සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

බෙන් ෆෝක්ස් වෙනුවට සෑම් බිලින්ග්ස් කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ කණ්ඩායමට ඇතුළත් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත අපහසුතාවයක් හේතුවෙන් බෙන් ෆෝක්ස් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී කඩුලු රැකීමේ කාර්යය ද සිදු කර තිබුණේ නැහැ.

පසුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි.

ඔහු කණ්ඩායම හා යළි එක්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් නිවේදනය කර නැතත්, ලබන සිකුරාදා Edgbaston ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව සමග ආරම්භ වන ටෙස්ට් තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර, මෙම ටෙස්ට් තරගය අතරතුර දී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පන්දුවේ දෝලනයට පිතිකරුවන් ක්‍රීඩා කළ යුතු ආකාරය පැහැදිලි කරන වීඩියෝවක් Sky Sports මාධ්‍ය ආයතනය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පල කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...