සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(26) අලුයම නිමා වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 340ක්.
ක්යල් මේයර්ස් නොදැවී ලකුණු 126ක් හා ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 26ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 51ක්, ජෝන් කැම්ප්බෙල් ලකුණු 45ක්, ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 40ක් හා Raymon Reifer ලකුණු 22ක් රැස් කළා. කෘමා බෝනර් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.
පන්දු යැවීමේ දී කලෙඩ් අහ්මඩ් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ශාන්ත ලුසියා හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 234ක්.
ලිටොන් දාස් ලකුණු 53ක් හා ටමිම් ඉක්බාල් ලකුණු 46ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ජෙයිඩන් සීල්ස් හා අල්සාරි ජෝසප් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 106 ක්.

