Watch : පන්දුව කඩුල්ලේ වැදිලත් පිටියේ රැදීමට අසලංක වාසනාවන්ත වූ හැටි

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව වනිදු හසරංග කණ්ඩායමට කැදවා ඇත්තේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සදහා නම් දැරූ වේග පන්දු යවන්නෙකු නොමැතිව ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන දග පන්දු යවන්නන් සිව්දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද එක් වෙනස්කමක් සහිතව මෙම තරගයට පිවිස ඇති අතර, ඒ අනුව පැට් කමින්ස් යළි කණ්ඩායමට කැදවා ඇත්තේ ජායි රිචර්ඩ්සන් වෙනුවටයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 34 දී බිද වැටුණා.

අනතුරුව චරිත් අසලංක ද එක් ලකුණක් ලබා සිටියදී දවා ගැනීමේ අවස්ථාවක් ප්‍රතිවාදී කණ්ඩායමට හිමි වූ නමුත්, චරිත් අසලංක තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.

ඒ පැට් කමින්ස් යොමු කළ පන්දුවක් පා ආවරණයේ වැදී කඩුල්ලේ වැදුණු ද කඩුල්ලේ බේල්ස් ඉවත්ව නොයාම හේතුවෙන්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...