මම මැච් එක ඉවර කරන්න බලාගෙනමයි ගියේ : පැතුම් නිස්සංක

Date:

පන්දුවාර 35ක් වන තුරු සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට කුසල් මෙන්ඩිස් හා තමා කඩුල්ලේ රැදී සිටියදී සැලසුම් කළ බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් වාර්තාගත කඩුලු 6ක ජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී යි ඔහු ඒ බව සදහන් කළේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 තුළ දී ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 48.3ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී සිටියදී පසු කර යාමට සමත් වුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 147කින් ලකුණු 137ක් වාර්තා කළ පැතුම් නිස්සංක තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා. පිතිකරණයේ නිරතව සිටියදී කුසල් මෙන්ඩිස් පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඒ වන විට කුසල් මෙන්ඩිස් පන්දු 85කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 87ක්.

ඉනිම අතරතුර දී පැතුම් නිස්සංක ද යම් ආබාධයකට ලක්ව සිටිනු දක්නට ලැබුණා. නමුත්, තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ ඔහු සදහන් කළේ එම ආබාධය එතරම් බරපතල ආබාධ තත්ත්වයක් නොවන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...