සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද (18) අලුයම නිමා වුණා.
ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 50ක්.
ටමිම් ඉක්බාල් ලකුණු 22කටත්, මෙහිදි හසාන් ලකුණු 2කටත් දැවී ගියා. මහ්මුදුල් හසාන් නොදැවී ලකුණු 18ක් හා නජ්මුල් හොසේන් ලකුණු 8ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත්තා.
කොදෙව් දූපත්හි ඇන්ටිගුවාහී දී පැවැත්වෙන තරගය දෙවැනි දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලකුණු 95ක් ලබා සිටියා. ඒ, තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 103 ට පිළිතුරු ලෙසයි.
කොදෙව්වන්ට තරගයේ දෙවැනි දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 265ක් පමණයි.
නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 94ක් රැස් කළ අතර, ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 63යි. කෘෘමා බෝනර් ලකුණු 33කටත්, ජෝන් කැම්ප්බෙල් ලකුණු 24කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 59කට කඩුලු 4ක් බිද හෙලූ අතර, කලෙඩ් අහ්මඩ් හා එබඩොට් හොසේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ඒ අනුව බංග්ලාදේශය මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 112 ක්.

