සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී කාලයේ දී කොදෙව් දූපත්හි ඇන්ටිගුවාහී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශයට සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.
බංග්ලාදේශ ඉනිමේ දී පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්. මෙය ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ඉනිමකදී වැඩිම පිතිකරුවන් ප්‍රමාණයක් ලකුණු නොලබා දැවී ගිය වාර්තාව සම කිරීමක් වන අතර, ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ද බංග්ලාදේශ පිතිකරුවන් 6 දෙනෙකු මෙලෙස ලකුණු නොලබා දැවී ගියා.
බංග්ලාදේශ පළමු ඉනිමේ දී ලකුණු තුනේ සීමාව පසු කර යාමට ඊයේ සමත් වුණේ පිතිකරුවන් තිදෙනෙකු පමණයි.
ටමිම් ඉක්බාල් ලකුණු 29ක්, ලිටොන් දාස් ලකුණු 12ක් හා නායක ශකිබ් අල් හසාන් ලකුණු 51ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් හා අල්සාරි ජෝසප් කඩුලු 3 බැගින් බිද හෙලුවා. කෙමා රෝච් හා ක්යල් මේයර් අතරේ ද කඩුලු 2 බැගින් බෙදී ගියා.
පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව්වන් තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 95ක් ලබා සිටියා.
නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 42ක් හා කෘෘමා බෝනර් නොදැවී ලකුණු 12ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ජෝන් කැම්ප්බෙල් ලකුණු 24කටත්, Raymon Reifer ලකුණු 11කටත් දැවී ගියා. එම කඩුලු දෙක දවා ගත්තේ මුස්ටර්ෆිසුර් රෙහ්මාන් හා එබඩොට් හොසේන් විසින්.
ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 8ක්.
මේ අතර, මෙම තරගයේ දී බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් සිය ටෙස්ට් දිවියේ ලකුණු 5,000 සීමාව පසු කර යාම විශේෂත්වයක්.
ටෙස්ට් ලකුණු 5,000 සීමාව පසු කළ දෙවැනි බංග්ලාදේශ පිතිකරුවා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.
Roach is on fire at Sir Viv! #WIvBAN
Live Scorecard – https://t.co/BQKqamYNVF pic.twitter.com/OSTE6JQyU6
— Windies Cricket (@windiescricket) June 16, 2022

