Watch : තීරණාත්මකම මොහොතක දුනිත් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වූ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මේ වන විට තුන් ඉරියව්වෙන්ම ඉහළ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් ක්‍රීඩකයෙකු බවට පත් වෙමින් සිටින බවක් දක්නට ලැබෙනවා.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් ද ඔහුගේ දක්ෂතා ඉහළ ඇගයීමකට ලක් කරමින් සිටින අතර, ඔස්ට්‍රේලියාට එරෙහි දෙවැනි එක්දින තරගය ජය ගැනීම සදහා ද දුනිත් වෙල්ලාලගේගෙන් ඉහළ දායකත්වයක් හිමි වුණා.

පිතිකරණයේ දී ශ්‍රී ලංකාව අසීරුතාවයකට පත්ව සිටි අවස්ථාවේ දී ලකුණු 20ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තියත් වූ ඔහු, පන්දු යැවීමේ දී ද වැදගත් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ, පන්දුවාර 5ක් තුළ ලකුණු 25ක් පමණක් ලබා දෙමින්.

ඔහු සිය මංගල එක්දින තරගයේ දී ද කඩුලු 2ක් දවා ගැනීමට පසුගියදා සමත් වුණා.

දෙවැනි එක්දින තරගයේ දී පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතාවලට අමතරව පන්දු රැකීමෙන් ද ඔහු සුවිශේෂී සේවයක් ශ්‍රී ලංකාවට සිදු කළා.

පැට් කමින්ස්ගේ කඩුල්ල දවා ගැනීම සදහා රැක ගත් සුපිරි උඩ පන්දුව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.

එම සුපිරි උඩ පන්දු රැක ගැනීම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...