‘වනිදු හිටියනම් තරගය තවත් පහසු වෙනවා’ : වනිදුගේ ආබාධ තත්ත්වය හා ජයග්‍රහනය ගැන චාමික කියූ දේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට දෙවැනි එක්දින තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවත්, තෙවැනි එක්දින තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසනවා.

දෙරට අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 26ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

වනිදු හසරංග මෙම තරගයට ක්‍රීඩා කළේ නම් තරගය තවත් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැවැති බවයි චාමික මෙහිදී පෙන්වා දුන්නේ.

දෙවැනි එක්දින තරඟය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 43කදී ලකුණු 216 ක ඉලක්කයක් හිමිවූ නමුත්, ඔවුන්ට පන්දුවාර 37.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් චාමික කරුණාරත්න සදහන් කළේ තමාගේ දක්ෂතා වර්ධනය කර ගැනීම සදහා මෙන්ම උපක්‍රමශීලීව පන්දු යැවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලසිත් මාලිංගගෙන් ද ඉහළ සහයෝගයක් ලැබුණු බවයි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා(19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

චාමික කරුණාරත්න මාධ්‍ය හමුවේ පල කළ අදහස් හා තරගය ජය ගත් මොහොත පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...