පෝර්ටෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක විලියම් පෝර්ටෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

අයර්ලන්තය වෙනුවෙන් තෙවැනි වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙසයි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ.

එමෙන්ම ඔහු ජාත්‍යන්තර පිටියේ දී අයර්ලන්තය වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ද වනවා.

2008 වසරේ දී අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් වූ පෝර්ටෆීල්ඩ් 2018 වසරේ දී අයර්ලන්තය සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන විට ද කණ්ඩායමේ නායකත්වය දැරුවා.

ඔහු 2019 වසරේ නොවැම්බර් මාසයේ දී යි නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළේ.

37 හැවිරිදි පෝර්ටෆීල්ඩ් අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 3කට, එක්දින ජාත්‍යන්තර තරග 148කට හා 20යි 20 ජාත්‍යන්තර තරග 61කට ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...