නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය අද(16) නිවේදනය කෙරුණා.
සංචිතය සදහා ක්‍රීඩකයින් 14 දෙනෙකු නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ජෙමී ඕවර්ටන් පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවීමට පියවර ගෙන තිබෙනවා. ඔහුගේ සහෝදරයා වන ක්‍රෙයිග් ඕවර්ටන් ද ටෙස්ට් සංචිතයේ රැදී සිටිනවා.
එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලබන 23 වැනිදා ලීඩ්ස් හී දී ආරම්භ වීමට නියමිතයි.
මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තයයි.
Ben Stokes (c), James Anderson, Jonathan Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Foakes, Jack Leach, Alex Lees, Craig Overton, Jamie Overton, Matthew Potts, Ollie Pope, Joe Root

