රෝච් කොදෙව් ටෙස්ට් සංචිතයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් බංග්ලාදේශයට එරෙහි කොදෙව් ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත සිව්දින තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදී ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් ඔහුව ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කරන බවයි මීට පෙර නිවේදනය කර තිබුණේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(16) Antigua හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගය සදහා බංග්ලාදේශ සංචිතයට අනමුල් හක් නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වීම හේතුවෙන් යසීර් අලී මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුව ඇති බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...