එංගලන්තයෙන් ප්‍රසාද ලකුණු දෙකක් කපා හරියි ; 40%ක දඩයකුත් පනවයි

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් එංගලන්තයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, නවසීලන්තය සමඟ ඊයේ(14) නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවාර යවා නිමා කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

නියමිත කාලය තුළ දී යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා ඔවුන් පන්දුවාර දෙකක් පිටුපසින් පසු වීම හේතුවෙනුයි තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් මෙලෙස එංගලන්ත කණ්ඩායමට දඩුවම් නියම කර ඇත්තේ.

ඒ අනුව නවසිලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී දී ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව ප්‍රසාද ලකුණු 42කට හිමිකම් කියූ එංගලන්තයට මේ වන විට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 40ක් පමණයි

ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය ද 25% සිට 23.8% දක්වා පහත වැටී තිබෙනවා.

මීට අමතරව එංගලන්ත ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.

එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් විසින් අදාළ වරද සහ ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...