Update : වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉලක්කය 282ක් වෙයි

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින්.

කුසල් මෙන්ඩිස් පන්දු 87කින් ලකුණු 86ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් ද, පැතුම් නිස්සංක ලකුණු 56ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ඉනිමට පන්දුවාර 12.4ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා.

ඒ වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 72ක්.

වර්ෂාවෙන් අනතුරුව තරගය රාත්‍රී 9.10ට යළි ආරම්භ කිරීමට තීරණය කෙරුණු අතර, ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 44කදී තරගය ජය ගැනීම සදහා ලද ඉලක්කය ලකුණු 282ක්.

තරගය තාවකාලිකව අත්හිටුවීමට සුළු වේලාවකට පෙර නායක ආරෝන් ෆින්ච් ලකුණු 44කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...