Watch : වෝනර් ලකුණු බින්දුවට දවා ගත් තීක්ෂණගේ සුපිරි පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක ලකුණු 115ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

ධනුෂ්ක ලකුණු 55කට දුවද්දී දැවී ගිය අතර, පැතුම් ලකුණු 56ක් ලබා සිටියදී රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමෙන් දැවී ගියා.

චරිත් අසලංක ලකුණු 37යි. ශ්‍රී ලංකා මැදපෙල ශක්තිමත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 87කින් ලකුණු 86ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා.

ඉනිමට වේගවත් අවසානයක් ලබා දුන් වනිදු හසරංග පන්දු 19කින් ලකුණු 37ක් ලබා ගත්තා.

ඔහු ජායි රිචර්ඩ්සන් යොමු කළ ඉනිමේ 49 වැනි පන්දුවාරයේ දී පිට පිට හතරේ පහර 5ක් එල්ල කිරීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ඇෂ්ටන් ඒගාර් හා මර්නස් ලබුෂේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ඉනිමේ දෙවැනි පන්දුවාරයෙන්ම ලකුණු නොලබා සිටියදී දැවී ගියා.

ඒ, මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...