දසුන් ශානක සුපිරි ඉනිමකින් ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයකින් ගලවයි

Date:

නායක දසුන් ශානක පන්දු 25කින් වාර්තා කළ වේගවත් ලකුණු 54න් ශක්තිමත් වෙමින් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් කඩුලු 4ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 177ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 108 දී බිද වැටුණා. ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 15කට දැවී ගිය අතර, අනතුරුව චරිත් අසලංක හා පැතුම් නිස්සංක අතරේ දෙවැනි කඩුල්ල සදහා ලකුණු 42(30)ක සබදතාවයක් ගොඩ නැගුණා.

චරිත් ලකුණු 26කට දැවී ගිය අතර, පැතුම් ලකුණු 27යි. භානුක රාජපක්ෂ ලකුණු 17කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 6ක් පමණයි. වනිදු හසරංග ලකුණු 8කට දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව 7 වැනි කඩුල්ල සදහා දසුන් හා චාමික කරුණාරත්න අතරේ පන්දු 25කින් වාර්තා වූ නොබිදුණු සබදතාවය ලකුණු 69ක්.

දසුන් ලබා ගත් ලකුණු 54ට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත්. චාමික නොදැවී ලකුණු 14(10)යි.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දු 18 තුළදී ලකුණු 59ක් අවශ්‍ය වූ පසුබිමකයි දසුන් ශානක හා චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා මර්කස් ස්ටොයිනිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 176ක් ලබා ගත්තේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 39ක්, මර්කස් ස්ටොයිනිස් ලකුණු 38ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත් අතර, වනිදු හසරංග හා ප්‍රවීන් ජයවික්‍රම එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

කෙසේ වෙතත්, තරගාවලියේ ජය තරග 2-1ක් ලෙස හිමි වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...