බණ්ඩාර හා දික්වැල්ලගේ සුපිරි ඉනිම් හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමෙන් අනර්ඝ හඹා යාමක්

Date:

ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ හඹා යාමක් සමගින් කඩුලු 4ක සුපිරි ජයග්‍රහනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(10) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 48.5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 73කින් ලකුණු 83ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායමට මනා ආරම්භයක් ලබා දුන්නා. ඕෂද ප්‍රනාන්දු ලකුණු 24යි.

කමිදු මෙන්ඩිස් ලකුණු 40ක් ද, නායක ධනංජය ද සිල්වා ලකුණු 30ක් ද රැස් කළා.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලකුණු 205දී දැවී ගියේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඔස්ට්‍රේලියා A කණ්ඩායම වෙත හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, 6 වැනි කඩුල්ල සදහා ලකුණු 85ක සබදතාවයක් ගොඩ නැගීමට අශේන් බණ්ඩාර හා සහන් ආරච්චිගේ සමත් වුණා.

සහන් ලකුණු 31කට දැවී ගිය අතර, අශේන් නොදැවී ලකුණු 73ක් වාර්තා කළේ පන්දු 65කින්.
අශේන් බණ්ඩාරගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඇතුළත්.

දුනිත් වෙල්ලාලගේ පන්දු 8කින් නොදැවී ලකුණු 17ක් ලබා ගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී Matthew Kuhnemann කඩුලු 3ක් දවා ගත්තා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළේ පන්දුවාර 48.4ක් තුළයි.

ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් හා ජොෂ් පිලිපී පළමු කඩුල්ලට පන්දුවාර 9.1ක් තුළ වේගවත් ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වුණා.

පිලිපී ලකුණු 34(25)කට දැවී ගිය අතර, හෙඩ් පන්දු 86කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110ක්. ට්‍රැවිස් හෙඩ්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15ක් ඇතුළත්.

මර්කස් හැරිස් ලකුණු 31ක්, නායක Henry Hunt ලකුණු 40ක් හා Aaron Hardie ලකුණු 58ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු A ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මදුෂාන් ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තා.

නිසල තාරක හා සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැති එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...