ලකුණු 15ක් 20ක් අපිට මදි වුණා : වනිදු හසරංග

Date:

පිතිකරණයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් තවත් ලකුණු 15ක් 20ක් පමණ ලබා ගත්තේ නම් ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් පැවැති බව දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පවසනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය කඩුලු 3කින් පරාජයට පත්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වනිදු ඒ බව සදහන් කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ දී ද අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හැකි වූයේ නැහැ. පන්දුවාර 20 තුළ ඔවුන් කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 124ක් පමණයි.

ඒ, පළමු 20යි 20 තරගයේ දී ලකුණු 128කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවී ගොස් පැය 24ක්වත් ගතවී නොතිබූ පසුබිමකයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 13ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත්තා.

තණතීරුව තුළ පන්දුවේ දග කැවීමක් තිබූ නමුත්, තවත් ලකුණු 15ක් 20ක් පමණ ශ්‍රී ලංකාව ලබා ගෙන තිබුණේ නම් තරගයේ ප්‍රතිපලය වෙනස්වන්නට ඉඩ තිබූ බව වනිදු මාධ්‍ය හමුවේ කියා සිටියා.

තණතීරුවේ දග කැවීමක් තිබූ බැවින් කඩුලු දවා ගැනීම සදහා දග පන්දු යවන්නන් යොදා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් චාමික කරුණාරත්නට මෙම තරගයේ දී පන්දු යැවීමට අවස්ථාවක් නොලැබුණු බවත් මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් වනිදු හසරංග සදහන් කළා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...