ඉන්දීය 20යි 20 නායකත්වය රිෂාබ්ට ; පාන්ඩ්යා උප නායකයා වෙයි

Date:

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතව සිටි කේ.එල් රාහුල්ට හා දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව්ට ආබාධවලට ලක්වීම හේතුවෙන් එම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව 20යි 20 තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ රිෂාබ් පාන්ට් වෙතයි.

හර්ඩික් පාන්ඩ්යා කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ආබාධවලට ලක් වූ ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට වෙනත් ක්‍රීඩකයින් සංචිතයට ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(9) දිල්ලිහී දී රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතයි.

India’s T20I squad: Rishabh Pant (C)(wk), Hardik Pandya (vc), Ruturaj Gaikwad, Ishan Kishan, Deepak Hooda, Shreyas Iyer, Dinesh Karthik (wk), Venkatesh Iyer, Yuzvendra Chahal, Axar Patel, Ravi Bishnoi, Bhuvneshwar Kumar, Harshal Patel, Avesh Khan, Arshdeep Singh, Umran Malik

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...