වනිදුගේ උත්සාහය දියාරු පිතිකරණය හමුවේ අපතේ යයි ; තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Date:

ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් දැක් වූ දියාරු පිතිහරඹය හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට අද(8) සිදු වුණා.

ඒ්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට මෙම තරගයේ දී ද අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කිරීමට හැකි වූයේ නැහැ.

පන්දුවාර 20 තුළ ඔවුන් කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 124ක් පමණයි. ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 4කටත්, පැතුම් නිස්සංක ලකුණු 3කටත් දැවී ගියා.

චරිත් අසලංක ලකුණු 39ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 36කට දැවී ගියා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා පන්දු 55කින් ලකුණු 66ක සබදතාවයක් ගොඩ නැගුණා.

දසුන් ශානක ලකුණු 14කටත්, භානුක රාජපක්ෂ ලකුණු 13කටත්, වනිදු හසරංග ලකුණු 12කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් ලකුණු 30කට කඩුලු 4ක් හා ජයි රිචර්ඩ්සන් 26කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 13ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 24ක් රැස් කළ අතර, ඩේවිඩ් වෝනර් ලකුණු 21කට දුවද්දී දැවී ගියා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 33ක සබදතාවයක් ගොඩ නැගුවා.

මිචෙල් මාෂ් ලකුණු 11කටත්, ස්ටීව් ස්මිත් ලකුණු 5කටත්, මර්කස් ස්ටොයිනිස් ලකුණු 9කටත් දැවී ගිය අතර, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 19යි. ඇෂ්ටන් ඒගාර් පළමු පන්දුවෙන්ම දැවී ගියා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලකුණු 99දී බිද වැටුණා.

කෙසේ වෙතත් අනතුරුව මැතිව් වේඩ් හා ජයි රිචර්ඩ්සන් නොබිදුණු ලකුණු 27ක සබදතාවයක් ගොඩ නගමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර හා නුවන් තුෂාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර, දෙරට අතර පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය එළඹෙන 11 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...