Watch : ධනුෂ්ක රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(8) රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 124ක් පමණයි.

චරිත් අසලංක ලකුණු 39ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 36කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් ලකුණු 30කට කඩුලු 4ක් හා ජයි රිචර්ඩ්සන් 26කට කඩුලු 3ක් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ආරෝන් ෆින්ච් ලකුණු 24කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.

ධනුෂ්ක ගුණතිලක රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි ෆින්ච්ට යළි ක්‍රීඩාගාරය වෙත පිටත්ව යාමට සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...