පැතුම්, අසලංක හා තීක්ෂණ 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම අයි.සී.සී පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(8) නිවේදනය කළා.

ඊට අනුව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ඒ, ඊයේ රාත්‍රියේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු 20යි 20 තරගයේ දී ලකුණු 36ක් රැස් කරමින් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ලකුණු 38ක් වාර්තා කළ චරිත් අසලංක ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 14කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු මේ වන විට රැදී සිටින්නේ 29 වැනි ස්ථානයේයි.

මේ අතර, දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 21 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

පළමු 20යි 20 තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

වනිදු හසරංග එහි රැදී සිටින්නේ 6 වැනි ස්ථානයේයි.

මේ අතර, ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නවසීලන්තයේ කේන් විලියම්සන් හා ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් අභිබවා යමින් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජෝ රූට් සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...