ඔස්ට්‍රේලියානු A පිලට එරෙහි ශ්‍රී ලංකා A සංචිත නම් කෙරේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා සිව්දින තරගාවලිය වෙනුවෙන් වන ශ්‍රී ලංකා A සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(7) නිවේදනය කළා.

ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඔවුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සමගින් එක්දින (පන්දුවාර 50) තරග දෙකකට හා සිව්දින තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු එක්දින තරගය හෙට(8) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා A එක්දින සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව තිබෙනවා.

එක්දින සංචිතයට නිරෝෂන් දික්වැල්ල ද ඇතුළත් අතර, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ දුනිත් වෙල්ලාලගේ ද ඊට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ කමිදු මෙන්ඩිස්ටයි.

සංචිත දෙකටම නම් කළ ශිරාන් ප්‍රනාන්දු ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලි සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

සංචිත හා තරග කාලසටහන පහතින් –

One Day Squad :

Dhananjaya de Silva (Captain), Niroshan Dickwella, Lahiru Udara, Lasith Croospulle, Oshada Fernando, Pabasara Waduge, Kamindu Mendis, Ashen Bandara, Janitha Liyanage, Sahan Arachchi, Pulina Tharanga, Dunith Wellalage, Dananjaya Lakshan, Shiran Fernando (will not play due to injury), Dilshan Madushanka, Pramod Madushan, Nishan Madushka, Ashen Daniel, Nisala Tharaka

‘Four Day’ Squad

Kamindu Mendis (Captain), Minod Bhanuka, Pabasara Waduge, Nipun Dananjaya, Nishan Madushka, Nuwanidu Fernando, Sadeera Samarawickrema, Lahiru Udara, Avishka Tharindu, Sahan Arachchi, Nisala Tharaka, Santhush Gunathilake, Dilshan Madushanka, Shiran Fernando (will not play due to injury), Mohammed Shiraz, Udith Madushan, Prabath Jayasuriya, Suminda Lakshan, Lakshitha Rasanjana, Jeffrey Vandersay, Amshi De Silva

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...