මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ කෙරේ

Date:

මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(6) නිවේදනය කළා.

ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයක්.

බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ දී පිත්තෙන් දක්ෂතා දැක් වූ ඇන්ජෙලෝ මැතිව්ස් හා පන්දු යැවීමෙන් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ අසිත ප්‍රනාන්දු එලෙස නිර්දේශිත නාම අතරට ඇතුළත්.

මැතිව්ස් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 199ක් රැස් කළ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 344ක්.

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීයා වූ අසිත ප්‍රනාන්දු පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව පන්දු යැවූ එකම ඉනිමේ දී කඩුලු 3ක් දවා ගත් අතර, දෙවැනි තරගයේ දී ඔහු කඩුලු 10ක් දවා ගැනීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනාට අමතරව බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් ද නිර්දේශිත නාම අතරට අයත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...