මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් යළි තනතුරක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු (Bowling Strategy Coach) වශයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥ දැනුමක් ලබා දීම මාලිංගගේ කාර්යය භාරය වනු ඇති.

ඒ තුළින් උපාය මාර්ගික සැලසුම් තරග පිටියේ දී ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහාය ලබා දීම ලසිත් මාලිංගට පැවරෙන වගකීමයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිදු කළ තරග සංචාරයේ දී ද ලසිත් මාලිංග මෙම තනතුරම දරනු ලැබුවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටුයුතු කළේ ලසිත් මාලිංගයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සීමිත පන්දුවාර තරග ලෙස 20යි 20 තරග 3ක් හා එක්දින තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය එළඹෙන 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...